2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (30) පූනේහිදී පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති අතර ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව අද තරගයට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දිගින් දිගටම අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
