Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව පොලිස්පති ධුරයට උණුසුම් තරගයක්! යෝජිත නම් ලැයිස්තුව මෙන්න!

3 years ago

නැවතත් පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට සී.ඩී වික්‍රමරත්නට ලබාදී තිබෙන සති තුනක සේවා දිගු කාලය එළඹෙන දෙවනදායින් අවසන් වන අතර නව පොලිස්පති වරයෙක් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර නැති බවද වාර්තා වේ.

වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගු තුනක් ලබාදී ඇති අතර තුන්වන සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොලැබීම මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එය ලබාදීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් නව පොලිස්පති ධුරය සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වන දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක හා නිලන්ත ජයවර්ධන අතර උණුසුම් තරග⁣යක් මතුව ඇති බව වාර්තා වේ.

තවදුරටත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා නොදීමට තීරණය කර ඇති අතර පවතින තත්ත්වය⁣ හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය ගැටලු මතුව ඇති බවද සදහන් කරයි.