පාසල් සිසුන් ප්රවාහනය සඳහා යොදාගන්නා ‘සිසු සැරිය’ බස්වල රියැදුරන් ලෙස මින් ඉදිරියට මැදිවියේ පසුවන පුද්ගලයන් පමණක් යෙදවීමට තීරණය කළ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා පැවසීය.
මේ සම්බන්ධයෙන් සියලුම ඩිපෝ අධිකාරිවරවරුන් දැනුවත් කර ඇති බවයි ඒ මහතා පවසන්නේ.
ඒ අනුව නිවැරැදි පුහුණුවක් සහ පළපුරුද්දක් සහිත රියැදුරන් සහ රිය සහායකවරුන් ඒ සඳහා යෙදවීමට උපදෙස් ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
තවද එම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම රියැදුරන්ට නිසි පුහුණුවක් ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.
පසුගිය කාලසීමාවේදී තරුණ වියේ පසුවන ඇතැම් රියැදුරන් වගකීම් විරහිත ලෙස රිය ධාවනය කරනු ලබන අවස්ථා නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

