පවතින තත්ත්වය තුළ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ප්‍රමාණවත් ආදායමක් ලැබීමට නම් භාණ්ඩාගාරයට අතිරේක මුදලක් සොයාගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව එවැනි මුදලක් සොයාගැනීමට ඇති ක්‍රම වන්නේ රාජ්‍ය දේපොළ වත්කම් විකිණීම, බදු තවදුරටත් වැඩිකිරීම, අලුතෙන් බදු පැනවීම බවද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (31) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය.
තත්ත්වය එසේ තිබියදී මෙවර අයවැය තුළින් යම්කිසි ආකාරයකින් වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

