ඩීසල් මිල ඉහල ගියද බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් ප්‍රකාශ කළා.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ මෙවර ගාස්තු සංශෝධනයක් සිදු නොකළද ඉදිරියේදී ඩීසල් මිල වැඩි කළහොත් බස් ගාස්තු වැඩි කරන බවයි.
මේ අතර 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 9කින් අඩු කළත් ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු නොකරන බව ත්‍රිරෝද රථ සංගම් ප්‍රකාශ කළා.
එමෙන්ම පාසල් වෑන් රථ ගාස්තුවෙහිද කිසිඳු වෙනසක් සිදු නොකරන බව පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

