Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොබ් මාලි පොලිස් අත්අඩංගුවට පත්වෙයි

3 years ago

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලුදුර චමින්ද නොහොත් බොබ් මාලි ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල වීරපාන ප්‍රදේශයේ නිවසක සිටියදී මෙම සැකකරුවන් ඊයේ පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

2021 වසරේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය රැගෙන ඒමට මෙම බොබ් මාලි නම් සැකකරු සම්බන්ධ වූ බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.

ඔහු සමඟ සිටි 37 හැවිරිදි ඔහුගේ බිරිඳ හා 27 හැවිරිදි චීවරධාරියෙක්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

සැකකරුවන් සිටි නිවස කුලී පදනම මත ලබා ගත් නිවසක් වන අතර 62 හැවිරිදි එහි හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් චීවරධාරියා කැලණිය බතලහේනවත්ත ප්‍රදේශයේ වැඩ වාසය කරමින් සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

ඕපාත පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ දහවල් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.