Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

වාහන ආනයන ජාවාරමක නිරත වූ හිටපු ඇමතිවරයෙකු අල්ලන්න සැරසෙයි

3 years ago

නීති විරෝධී ලෙස වාහන ආනයනය කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ මධ්‍යම පළාතේ හිටපු අමාත්‍යවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වනවා.

ඒ ඔහු විසින් ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් නාරහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල සුපිරි මහල් නිවාස සංකීර්ණයක් තුළ සගවා තිබියදී වලාන මධ්‍යම දූෂණ මර්ධණ ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගයි.

අදාල නිවස කොළඹ පිහිටි ප්‍රසිද්ධ වාහන ආනයනය කර බෙදා හරිනු ලබන ප්‍රදර්ශනාගාරයක කළමනාකරුවෙකුට අයත් වන අතර දත්ත වෙනස් කළ ජීප් රථයක් රුපියල් කෝටියක් වැනි අඩු මුදලකට එහි අලෙවියට සූදානම් කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ බුද්ධි නිලධාරී තොරතුරු පරික්ෂා කිරීමෙන් පසුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ සුඛෝපභෝගී ජීප් රථය හිටපු අමාත්‍යවරයා විසින් ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එය මධ්‍යම පළාතේ වාහන ආනයනය කර බෙදා හරිනු ලබන ප්‍රදර්ශනාගාරයට හිමිකරුවෙකු නමින් වර්තමානයේ ලියාපංචි කර ඇති බවත් පසුව මහනුවර ප්‍රසිද්ධ නීතිඥවරියක් සහ විශේෂඥ වෛද්‍යවරයෙකු එය අලෙවි කිරීම සඳහා තමන්ට ලබා දුන් බවත් සැකකරු පොලිසියට පවසා තිබෙනවා.

අදාළ මෝටර් රථයේ චැසි අංක ව්‍යාජ ඒවා බවයි සඳහන් වන්නේ.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා සහ මෙම ජාවාරමට සම්බන්ධ සෙසු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.