Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Dimuth Karunarathne

බංගලාදේශ කණ්ඩායමේ නම්බුව බේරූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලැජ්ජා සහගත පිතිකරණය ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි

3 years ago

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය ලකුණු 302ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත්විය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පස්දෙනෙකුට ලකුණක් හෝ රැස්කරගැනීමට නොහැකිවීම විශේෂත්වයකි.

පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, දුෂාන් හේමන්ත සහ දුෂ්මන්ත චමීර ලකුණු නොලබාම යළි නරඹන්නන් විය.

කුසල් මෙන්ඩිස් පන්දු 10කට මුහුණ දී ලකුණු 1ක් රැස්කර යළි ක්‍රීඩාගාරයට හැරී ගියේය.

මැතිව්ස් ලකුණු 12ක් රැස්කරගත් අතර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 14ක් රැස්කළ කසුන් රාජිත යි.

මොහොමඩ් ෂමී ලකුණු 18කට කඩුලු 5යි.

ඒ අනුව පන්දුවාර 50 ලෝක කුසලාන තරගවලදී ඉන්දියාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගෙන ඇති පන්දුයවන්නා බවට පත්වීමට මොහොමඩ් ෂමී සමත්විය.

ඔහු තරග 13කදී ලබාගෙන ඇති කඩුලු ගණන 45කි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 55ක් පමණි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 357ක් රැස්කළේය.

මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 55 වාර්තා පොත් අතරට එක් වුයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටක් ලෝක කුසලාන තරගයකදී රැස් කළ අඩුම සංඛ්‍යාව ලෙසයි.

මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ බංගලාදේශ කණ්ඩායම වන අතර ඔවුන් 2011 ලෝක කුසලානයේදී බටහිර ඉන්දීය  කොදෙව් කණ්ඩායම හමුවේ ලකුණු 58කට දැවී ගොස් තිබුණි.