මෙරට රැකියා වෙලඳපලට සරිලන පරිදි විශ්ව විද්‍යාලවල කලා උපාධි පාඨමාලා විෂයන් රැසක් යාවත්කාල කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වන විට කලා විෂය ධාරාවන්ගෙන් උපාධි පාඨමාලා 314 ක්‍රියාත්මක බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් මහතා පැවසීය.
ඒ අනුව රැකියා වෙලදපලට ගැලපෙන ලෙස එම පාඨමාලාවන් යාවත්කාලීන කරන බව ද ලබන වසර අවසාන වීමට පෙර එය සිදු කරන බවත් හෙතෙම පැවසීය.
මෙහි අරමුණ වන්නේ පවතින රැකියා වෙළෙඳපොළ වෘත්තීමය හා ප්‍රායෝගික හැකියාවන් සහිත පරපුරක් නිර්මාණය කිරීම බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

