Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස්පතිට තවත් රීලෝඩ් එකක්

3 years ago

ඊයේ සේවා දිගුව අවසන් වූ පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත නැවත ජනපතිවරයා විසින් සේවා දිගුවක් ලබා දී ඇතැයි වාර්තා වෙනවා.

ඔහුට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතරවැනි වතාවටයි.

මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද පොලිස්පතිවරයා වෙත ලබා දී තිබුණා.

ඔහුට අවසන් වරට ලබාදුන් සති තුනක සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොලැබුණු අතර ජනාධිපතිවරයාගේ බලතල අනුව සේවා දිගුව ලබා දුන්නේය.