Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනගෙන් පොලිසිය දීර්ඝ ප්‍රශ්න කිරීමක

3 years ago

ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන මහතා ගෙන් දීර්ඝ පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

කොළඹ නගරයේ පිහිටි වටිනා ඉඩමක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආරවුලක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක් වූ නාරාහේන්පිට පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතාට දැනුම් දුන්නේ පින්තැන්න ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ සභාපති හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන මහතා හැව්ලොක් ටවුන් ඉසිපතනාරාම මාවතේ පිහිටි ඉඩමකට අයුතුව ඇතුළු වී වෙඩි තැබූ බවට කරුණු අනාවරණය නොවන බවයි.

සිද්ධියට අදාළව කුමාර ධර්මසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවත් තවත් සාක්ෂිකරුවන් දෙදෙනකුගේ ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවත් ඔවුන් පදිංචි ස්ථාන සොයාගැනීමට නොහැකි වූ බවටත් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

තවද සීසීටීවී පරීක්ෂා කළ ද එහි කිසිදු කරුණක් සටහන් නොවන බව පැවසූ පොලිසිය කුමාර යැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධ කරුණු පැවසුවත් කුමාර ධර්මසේන යන බවට හඳුනාගත් සාක්ෂි නොමැති බවට අධිකරණය හමුවේ පැවසීය.

පින්තැන්න ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ කුමාර ධර්මසේන, එම සමාගමේ විධායක අධ්‍යක්ෂ දුෂාන්ති ධර්මසේන, විධායක අධ්‍යක්ෂ කවිෂ්ක ධර්මසේන, අධ්‍යක්ෂ අශල්‍යා ධර්මසේන, අධ්‍යක්ෂ අමන්‍යා ධර්මසේන, ගිණුම් කළමනාකාර උදාර ෂලින් කරුණාරත්න, පින්තැන්න ඩවුමි ඔයිල් පුද්ගලික සමාගමේ මනහර, චමෝද් හා ප්‍රධාන කළමනාකරු කිත්සිරි, නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු වගඋත්තරකරුවන් දොළොස් දෙනා අධිකරණය හමුවේ දිවුරුම් ප්‍රකාශ ගොනු කළහ.

ව්‍යාපාරික වර්ණකුලසූරිය ප්‍රදීප් මාලිංග ප්‍රනාන්දු යන අය විසින් අධිකරණයට ගොනු කරන ලද පෙත්සමකට අදාළව මෙම දිවුරුම් ප්‍රකාශ ගොනු කෙරිණ.