Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka cricket board

ක්‍රිකට් පාලකයින් එළවන්න ජනතා අරගලයක්! ක්‍රිකට් ආයතනයේ ආරක්ෂාව දැඩි කරයි!

3 years ago

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව හමුවේ ඊයේ(02) ලැබූ අන්ත පරාජයත් සමඟ වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට්ට්‍රෝලින් පවසනවා.

ඔවුන් කියා සිටියේ මෙම පරාජයත් සමග නව ක්‍රිකට් යුගයක් ආරම්භ කිරීමට දැන් කාලය එළඹ ඇති බවයි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේදී දරුණුතම පරාජයට මුහුණදීමට ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවුණා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට ඇතැම් පිරිස් සංවිධානය වෙමින් තිබේ.

සමාජ ජාල ඔස්සේ ඒ සඳහා ඇතැමුන් විසින් ඒ වෙත පිරිස් කැඳවමින් ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් ලද දරුණු පරාජයන්ට විරෝධය පළ කරමිනි.

ක‍්‍රිකට් ආයතනයට අප්‍රසාදය පළ කිරීම සඳහා මෙම සාමකාමී විරෝධතාවය සංවිධානය කරන බව විරෝධතාවය සංවිධානය කරන්නන් පවසනවා.

මේ වන විටත් ක්‍රිකට් ආයතනයේ ආරක්ෂාව දැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.