Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

anjelo mathews

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු වීම් කල්‍ දමයි

3 years ago

ඉන්දියාවේ දිල්ලි අගනුවර ඊයේ (03) ඝන විෂ සහිත දුමාරයකින් වැසී ගොස් තිබූ අතර, වාතයේ ගුණාත්මක තත්ත්වය නරක අතට හැරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ හේතුවෙන් දිල්ලි අවට පාසල් වසා දමා අත්‍යවශ්‍ය නොවන ඉදිකිරීම් තහනම් කිරීමට දිල්ලි බලධාරින් කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය බංගලාදේශ කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත ව ඇත්තේ දිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ යි.

එම තරගය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පුහුණු සැසිය ඊයේ පස්වරුවේ පැවැත් වීමට නියමිත වූවත්, දිල්ලියේ පවත්නා වායු තත්ත්වයේ අහිතකරභාවය සැලකිල්ලට ගෙන කළමණාකාරිත්වය තීරණය කර තිබුණේ එම පුහුණු සැසිය අද (04) පැවැත්වීමටයි.