දිල්ලි නුවර පවතින අධික වායු දූෂණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද(4) දහවල් දිල්ලි ක්‍රීඩාංගනයේ දී සහභාගී වීමට නියමිතව තිබූ පුහුණු සැසිය අවලංගු කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම ලබා දුන් උපදෙස් හේතුවෙන්.
වායු දූෂණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් බංග්ලාදේශ කණ්ඩායමද ඊයේ දිනයේ පැවැත්වීමට තිබූ පුහුණු සැසිය අවලංගු කර තිබුණි.
ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරගය එළඹෙන 6 වැනිදා දිල්ලිහීදී පැවැත්වීමට නියමිතය.
මේ වන විට පලවී ඇති අනාවැකි අනුව එළඹෙන 7 වැනිදා පමණ වන තුරු දිල්ලි නුවර වායු දූෂණ තත්ත්වය ඉතා ඉහළ තත්ත්වයක පවතින බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් හදිසි තත්ත්වයක් (air emergency) ද ප්‍රකාශයට පත් කර ඇති අතර, දින කිහිපයක් සදහා පාසල් වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා.
තරගය පැවැත්වෙන දිනයේ දී තරග නිලධාරීන් විසින් පවතින තත්ත්වය නිරීක්ෂණය කර තරගය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය.

