Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිඳ දැමීමට අපහසු යැයි කී සචින්ගේ වාර්තාව සම කළ විරාට් කෝලි

3 years ago

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව කණ්ඩායම සමග තරගය මේ වනවිට පැවැත්වෙයි.

අද තරගයේදී ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි නොදැවී ලකුණු 101ක් රැස්කරමින් 49වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළේය.

විරාත් කෝලි සිය 35 වැනි උපන්දිනය සමරමින් වැඩිම එක්දින ශතක 49ක් හිමි ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තාව සම කිරීමට සමත් විය.

ඒ අනුව ඉන්දීය පිතිකරු විරාත් කෝලි වැඩිම එක්දින ශතක හිමි ලැයිස්තුවේ පළමු තැන ගැනීමට සමත් විය.