මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා අධික බීමතින් මූලස්ථාන පොලිසියට ඇතුල්වීමට උත්සාහ කළ අවස්ථාවේදී එය වැලැක්වීමට පොලිස් නිලධාරියා උත්සාහ කිරීමේදී එම පහරදීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා අධික බීමතින් මූලස්ථාන පොලීසියට ඇතුල්වීමට උත්සාහ කර ඇත්තේ අධික බීමතින් රිය පැදවීමේ වරදකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පොලිස් ඇප අත්සන් කිරීම සඳහායි.
එම අවස්ථාවේ දී ආරක්ෂක රාජකාරියේ නිරත පොලිස් නිලධාරියා ඔහු වැළැක්වීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම පහරදීම සිදුව තිබෙනවා.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා ප්රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.

