Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බණ්ඩාරවෙල කලාපයේ පාසල්වල ගුරුවරුන්ට හා අනධ්‍යන කාර්ය මණ්ඩලයට ළඟම පාසලේ සේවය කිරීමට අවසර

3 years ago

මේ වන විට කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුමුල්ල බත්ගොඩ ප්‍රදේශය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බැවින් එම මාර්ගය භාවිත කරමින් රාජකාරියට වාර්තාකරන විදුහල්පතිවරු, ගුරුවරුන් හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට යම් අපහසුතාවක් පවතින්නේ නම් අද (06) දිනය තුළ පමණක් ආසන්න පාසල වෙත සේවයට වාර්තාකරන ලෙස අධ්‍යාපන බලධාරීන් දැනුම් දී තිබේ.

බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා පැවසුවේ, කලාපය තුළ පාසල් 144ක් පවතින අතර එහි සියලු විදුහල්පතිවරුන්ට අදාළ දැනුම්දීම සිදුකර ඇති බවය.

මාර්ග අපහසුතා හේතුවෙන් පාසල් සඳහා ගුරු මණ්ඩල සාමාජික සමාජිකාවන් සේවයට වාර්තා කිරීමේ අඩුවක් අද දිනය තුළ දක්නට ලැබෙනු ඇති බවද ඔහු පැවසුවේය.

එම නිසා පාසලට පැමිණෙන දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සෙසු ගුරුවරුන් සහ අනධ්‍යන සේවක මණ්ඩලය අවදානයෙන් පසුවන ලෙස ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා දැනුම්දීමක් ද සිදුකර තිබේ.