බණ්ඩාරගම හද්දාගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් සිය සිරුරට හා ත්‍රීරෝද රථයට ගිනි තබාගෙන ඇති බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
මෙම සිදුවීමෙන් අදාළ පුද්ගලයා බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
54 හැවිරිදි මෙම දෙදරු පියා මේ වනවිට හොරණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සිරුරට හා ත්‍රීරෝද රථයට ගිනි තබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
අදාළ පුද්ගලයාගේ සිරුර දැඩි ලෙස පිළිස්සී ඇති අතර
ත්‍රිරෝද රථයද ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය වූ ස්ථානයට පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බණ්ඩාරගම පොලීසිය විසින් පවත්වනු ලබයි.

