බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඔක්තොම්බර් 29 වනදා උපාධිධාරීන් සඳහා ගුරු විභාගයක් පවත්වනු ලැබුවද ප්‍රතිඵල නිතුත් කිරීමටත් පෙර පත්වීම් ලබා දීම සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අද(07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී අදහස් දැක් වූ අසංක නවරත්න මන්ත්‍රීවරයා එවැනි දෙයක් සිදුවනවානම් එය නැවැත්වීමට කටයුතු කරනවා ද යන්න පිළිබඳව ප්‍රශ්න කළේය.
එයට පිළිතුරු දුන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර ප්‍රකාශ කළේ එවැනි දෙයක් සිදුවේ නම් එය සම්පූර්ණයෙන් වැරදි බවත් ඒ් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බවත්ය.

