Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලාංකිකයින් 26ක් කුවේටයෙන් පිටුවහල් කරයි

3 years ago

වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටියදී පිටුවහල් කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු අද (08) උදෑසන කටුනායක ගුවන්තොටුපලෙන් යළි දිවයිනට පැමිණියා.

මෙම පිරිස මෙරටට එවා ඇත්තේ එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙනි.

වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව දෙදහසකට අධික වන බවයි පැවසෙන්නේ.

ඔවුන්ද කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව වාර්තා වනවා.

මෙම ගෘහ සේවිකාවන්ට එරෙහිව පැවති නඩු ඉවත් කර ගැනීමෙන් සහ දඩ මුදල් අහෝසි කර ගැනීමෙන් පසු මෙම පිරිස මෙරටට ගෙන්වා ගෙන තිබෙනවා.