Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව ග්‍රාම නිළධාරීන් බඳවා ගැනීමේ විභාගය පැවැත්වෙන දින ගැන ප්‍රකාශයක්

3 years ago

ග්‍රාම නිලධාරි විභාග එළඹෙන දෙසැම්බර් මස මුල් සතියේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදු කරනු ලැබුවා.

ඒ අද පෙරවරුවේ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දිවයිනේ ඇති ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2763ක් පිරවීමට මහා භාණ්ඩාගාරයේ අවසරය හිමි ව ඇති බවයි.

ඊට අදාළ බඳවා ගැනීම් සඳහා සුදුසුකම් සැපිරූ අපේක්ෂකයින් හට එළඹෙන දෙසැම්බරයේ දී තරග විභාගය පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ද සඳහන් කළා.