සූදු ශම්මි හෝ රොෂාන් රණසිංහ යන දෙදෙනාගෙන් එක් අයෙකු තෝරාගනිමින් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට පහසු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රිකට් ආයතනයට සහාය දක්වන ඇතැම් නිලධාරීන්ද සිටින බවයි.
මේ අතර, ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් කර නොමැති බවට මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමද ගැටලු සහගත බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ එසේ දැනුවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර ඊයේ (07) පැවති නඩු විභාගයේදී නීතීඥවරුන් එම නිවේදනයද වාසියට ලබාගත් බවයි.
එමෙන්ම, ක්‍රිකට් අතුරු කමිටුව වළක්වාලමින් නිතුත් කළ තහනම් නියෝගය සඳහා යම් හෝ බලපෑමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ වග කිවයුතු නිලධාරියෙක් හෝ ජනාධිපති උපදේශවරුන් සිදු කරන්නට ඇති බවට ප්‍රකාශ කළ හැකි බවද රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

