යාපනය වඩමාරච්චි, අල්වායි ප්‍රදේශයේ නිවසක තනිව පදිංචි වී සිටි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ දියණිය හා ඇගේ ස්වාමි පුරුෂයාද, මෙහෙකාරියද ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් 04 වනදා එම නිවසේ සිටි මහලු කාන්තාවගේ මළ සිරුර පොලිසිය විසින් සොයා ගත් අතර පරීක්ෂණවලදී එය ඝාතනයක් බවට තහවුරු වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණවලදී කාන්තාවගේ ඇදේ ඇතිරිල්ලක් ගිණි තබා විනාශ කොට තිබියදී සොයා ගැනීමට හැකි වු අතර මුගුරක් හා මොට ආයුධයක්ද සොයා ගත් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ මෙම පිරිස මහලු කාන්තාවගේ මිලමුදල්, දේපල හා නිවස ලබා ගැනීමේ අරමුණින් මෙහෙකාරවරියගේ සහය ඇතිව මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
ඔවුන් තිදෙනා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

