ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සදාතනික විශිෂ්ටයින්ට පිරිනමන ICC හෝල් ඔෆ් ෆේම් ගරු ඇගයීමට ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා ලෙස සැලකෙන අරවින්ද ද සිල්වා නම්කර තිබෙනවා.
නොවැම්බර් 14 වනදා ඉන්දියාවේ මුම්බායි හිදී අරවින්ද ද සිල්වාට හෝල් ඔෆ් ෆේම් ගරු නාමකරණය ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මීට පෙර මේ සඳහා ඇතුලත් කරන ලද ශ්‍රී ලංකික ක්‍රීඩකයින් වන්නේ මුත්තයියා මුරලිදරන් (2017), කුමාර් සංගක්කාර (2021) සහ මහේල ජයවර්ධන (2021) යි.
ඔහු ටෙස්ට් තරග 93 කදී ලකුණු 6,361 ක් සහ එක්දින තරග 308 කදී ලකුණු 9,284 ක් රැස් කරගෙන තිබේ.
ඔහු එක්දින තරගවලදී කඩුළු 108ක් බිඳ හෙලීමට සමත් වී තිබේ.
අරවින්ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී වසර විස්සකට පසු අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් විශිෂ්ටයෙකු ලෙස නම්කර තිබීම විශේෂත්වයක්.

