Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්පැන් මිල පහළ යන ලකුණු! ලංකාවේ කසිප්පු අයි.එම්.එෆ්. යයි!

3 years ago

සුරා බද්ද වැඩි කිරීම නිසා නීත්‍යනුකූල මත්පැන් භාවිතය අඩු වී කසිප්පු භාවිත කිරීම ඉහළ යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කර සුරා බද්ද අඩුකර ගැනීමට අවධානය යොමු කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනතාව කසිප්පු භාවිත කිරීම ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මත්පැන් භාවිතය අඩුවීම සිදුව ඇත්තේ මත්පැන් මිල ඉහළ යාම නිසයි. මේ සඳහා විකල්ප දෙකක් තියෙනවා. සුරා බද්ද අඩු කිරීම හෝ ගල් අරක්කු බෝතලයක මිල අයවැයෙන් අඩු කිරීම. නැතිනම් ජනතාව කසිප්පු බීලා මැරෙයි. රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ප්‍රකාශ කර තිබේ. මෙහිදී ජනාධිපතිවරයාද ප්‍රකාශකර ඇත්තේ කසිප්පු භාවිතය ඉහළ ​ගොස් ඇති බව තමන්ද පිළිගන්නා බවයි. ‘‘මේ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන්නා. ඒ අය කසිප්පු ගැන දන්නේ නැහැ. සුරා බදු වැඩි කිරීමෙන් මත්පැන් භාවිතය අවම කිරීම ගැන තමයි අරමුදල කතා කරන්නේ. ලබන සාකච්ඡා වටයේදී දත්ත සහිතව කතා කරලා සහනයක් ගමු ’’ ජනාධිපතිවරයා අවධාරණය කළේය.