බත්තරමුල්ල – ජයන්තිපුර නිවසක ඇති වූ ගින්නකින් විදේශිකයෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අද(11) අලුයම මෙම ගින්න හට ගෙන තිබෙන බවයි.
එය මේ වනවිට සම්පූර්ණයෙන් මැඬපවත්වා ඇති බවයි සඳහන් වන්නේ.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

