Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තම මව ඝාතනය කළ පාසල් සිසුවිය අත්අඩංගුවට

3 years ago

16 හැවිරිදි දියණියක් ඇගේ මවගේ ගෙල සිරකරා මරා ඖෂධ වැඩියෙන් පානය කර දිවි නසා ගත් බවට පොලිසියට කියන්න ආ දැරියක අත්අඩංගුවට ගත් බව දිවුලපැලැස්ස පොලිසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ දිවුලපැලැස්ස රොටවෙල නව ගම්මානයේ පදිංචිව සිටි රාජසිංහ ආරච්චිලාගේ චන්ද්‍රාවති නැමැති 47 හැවිරිදි කාන්තාවකි.

මහියංගනය රෝහලේ සායනයකින් ඖෂධ වර්ගයක් වැඩියෙන් පානය කර මව සිය දිවි නසාගෙන ඇති බවට සැක කරන බව දැරිය පොලිසියට මුලින් සඳහන් කර ඇත.

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය මහියංගනය රෝහලේදී පවත්වා ඇති අතර එහිදි මෙම මරණය ගෙළ සිරවීමෙන් සිදු වූ මරණයක් බවට තහවුරු වීමෙන් පසු සිදු කළ මූලික විමර්ශනවලින් සුව 16 හැවිරිදි දැරිය පොලිස් අත්අඩංගුවට පත් විය.