ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නම් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.
විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තාවකාලික තහනම හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිත බවයි.
කෙසේ වෙතත් 18 වනදා සිට 21 වනදා තෙක් පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලියේ ඊළඟ රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම පිළිබඳව කොන්දේසි ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන මස 19 වනදා ඩුබාහි දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

