අවුරුදු 18 ට වැඩි පිරිමි ජනගහනයෙන් 35%ක් මද්‍යසාර භාවිතා කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය ලීටර් 4.3ක් බවත් මද්‍යසාර භාවිතා කරන පිරිසේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය ලීටර් 18.9ක් බවයි.
භාවිතා කරන මද්‍යසාර වර්ග අතුරින් වැඩිම දෙනෙක් භාවිතා කරන මද්‍යසාර වර්ගය අරක්කු වන බවද සඳහන්.
එමෙන්ම බියර් භාවිතය දෙවැනි තැන ගන්නා බව පවසන එම මධ්‍යස්ථානය කසිප්පු භාවිතය මද්‍යසාර භාවිතා කරන අයගෙන් 10%ට වඩා වැඩි නොවන බව පවසනවා.
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ දුප්පත් පවුල්වල අදායමෙන් තුනෙන් එකක් පමණ අරක්කු, බියර්, කසිප්පුවලට වියදම් කරන බවත් මද්‍යසාර සමාගම් දුප්පත් මිනිසුන්ගේ මුදල් සූරාකමින් ඔවුන් තවදුරටත් දුප්පත් කරන බවයි.
රටේ ආදායම වැඩි කරගැනීමට මද්‍යසාර බඳු වැඩිකළ යුතු බවත් ඉන් ජන ජීවිතය ඉහළට ඔසවා තැබිය හැකි බවට එම මධ්‍යස්ථානය පෙන්වාදෙනවා.
නීති විරෝධි මද්‍යසාර වැඩි වීමෙන් රජයට බදු නොලැබෙන බව පවසමින් මද්‍යසාරවල මිල පහත දැමීමට හා අළෙවි සැල් වැඩි කර ගැනීමට සිදුකරන විද්‍යාත්මක නොවන තර්ක වලට නොරැවටිය යුතු බව එම මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරනවා.
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ නීති විරෝධි මද්‍යසාර අවම කිරීම සඳහා ඇති ආයතන ශක්තිමත් කිරීමට ක්‍රියාත්මක විය යුතු බවයි.

