Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka cricket board

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

3 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පෙරේදා(11) දිනයේ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ICCය මගින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ එම ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා අවශ්‍ය උපායමාර්ගික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම රැස්වීම පැවැත් වූ බව එම නිවේදනයේ දැක්වෙනවා.

එසේම එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අතපෙවීම ගැන ICCය නිරන්තරයෙන් අවධානයෙන් සිට ඇති බවය.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ තහනම පනවා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිහිප වරක් දැනුම්දීමෙන් අනතුරුව බවයි.

ICC යේ දැනුවත් කිරීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව දැනුවත් කළද අමාත්‍යවරයා ඒ පිළිබඳව සැලකිල්ලක් නොදැක් වූ බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වනවා.

එමෙන්ම මෙම තහනම දිගටම පැවතුණහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා අහිතකර බලපෑමක් ඇතිකළ හැකි බවද එහි සඳහන් වෙයි.

එබැවින් අත්හිටුවා ඇති සාමාජිකත්වය නැවත ලබාගැනීම සඳහා දේශපාලන මැදිහත්වීම්වලින් වළකින ලෙස ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.