බලංගොඩ ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් සිව්දෙනෙකු අතුරුදන් ව ඇති බව පොලීසිය පවසයි.
බලංගොඩ ගවරන්හේන, වැහින්තැන්න ප්‍රදේශයේ මෙම නායයෑම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ (12) රාත්‍රියේ සිදුවූ මෙම නාය යෑමෙන් මෙලෙස අතුරුදන්ව ඇත්තේ නිවසක සිටි මව, පියා සහ දියණියන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

