Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයන්ට සුබ පණිවිඩයක් රැගෙන ජනපති අද පාර්ලිමේන්තුවට

3 years ago

මෙරට ඉතිහාසයේ 78වන අයවැය අද දහවල් දොළහට ඉදිරිපත් කෙරේ.

දාහතර ලක්ෂයක් පමණ වන රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම ලක්ෂ හයක් පමණ වන විශ්‍රාමිකයන්ගේ ද වැටුප් මෙවර අයවැයෙන් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට පසුගියදා දැනුම් දී තිබිණි.

මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ රුපියල් දහසදහකින් පමණ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට නියමිත බවයි.

එමෙන්ම ජනවාරි මස පළමු වැනිදා සිට වැට් බද්ද සියයට දහඅට දක්වා වැඩි කිරීමේ යෝජනාව පමණක් නොව මෙතෙක් වැට් බද්දෙන් නිදහස්ව තිබූ ඩීසල් හා පෙට්‍රල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ද ඊට ඇතුළත් කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14වැනිදා) ආරම්භ කෙරෙන අතර එම විවාදය ලබන 21 වැනිදා දක්වා පැවැත්වේ. දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මෙම මස 21 වැනිදා සවස 6.00ට පැවැත්වීමට නියමිතය.

කාරක සභා අවස්ථාවේ විවාදය 22 වැනිදා සිට දෙසැම්බර් මස 13 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම 13 වැනිදා සවස 6.00ට පැවැත්වේ.