විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව ඉහළ දැමීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබේ.
ඒ අනුව එය රුපියල් 2500කින් ඉහළ දමා ඇති අතර මෙම වැඩිකිරීමත් සමග විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 6025ක් දක්වා ඉහළ යනු ඇත.
මේ අතර මෙවර අයවැය හරහා රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩිකිරීමට යෝජනා කර තිබේ.
රජයේ සේවකයින්ට 2024 ජනවාරි සිට රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ගෙවන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ අනුව 2024 ජනවාරි සිට ඔවුන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 17,800ක් දක්වා වැඩිකෙරෙයි.
ඊට අදාළ දීමනා 2024 අප්‍රේල් මස සිට ගෙවීම අරඹන බව පැවසු ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ මුදල 2024 ඔක්තෝබර් මාසයේ සිට කොටස් වශයෙන් ගෙවන බවයි.
එසේම මෙවර අයවැය හරහා රජයේ සේවකයින්ට ආපදා ණය ලබාදීමද සුපුරුදු පරිදි ආරම්භ කරන බව 2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට අටක් දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
මේ අතර රජයේ නිවාඩු නිකේතක සංවර්ධනය කිරීමට රු. මිලියන 600ක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

