2024 නව අයවැයෙන් කුලී ගෙවමින් මේ වනවිට අඩු ආදායම්ලාභීන් රැඳී සිටින මහල් නිවාස සංකීර්ණයේ පූර්ණ අයිතිය එහි පදිංචිකරුවන් වෙත ම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.
ඒ අනුව පවතින හිඟ කුලී මුදලද කපා හැරීමටයි නව අයවැය යටතේ තීරණය කර ඇත්තේ.
අයවැයෙන් මහල් නිවාසවල සින්නක්කර අයිතිය ජනතාවට මේ අයුරින් ලබාදීමට සතුට පළ කරමින් මහල් නිවාස ජනතාව සතුට සමරා තිබෙනවා.
ස්ටේඩියම් ගම, සිරිමුතු ගම, බූලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ජනතාව මේ ආකාරයෙන් රතිඤ්ඤා පත්තු කරමින්, රබන් ගසමින් සතුට සමරා තිබෙනවා.

