Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දියවැඩියාවෙන් පෙළෙන මෙරට වැසියන් ලක්ෂ ගණනකගේ ඇස් අන්ධ වීමේ අවදානමක්

3 years ago

ලෝක දියවැඩියා දිනය අදට යෙදී තිබෙනවා.

දියවැඩියා රෝගයෙන් පෙලෙන්නේ නම් වසරකට එක්වරක් අනිවාර්යයෙන් අක්ෂි පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙස අක්ෂි විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

මෙරට ජනතාවගෙන් මිලියන 3ක් දියවැඩියාව සඳහා ප්‍රතිකාර ගන්නා අතර තවත් ලක්ෂ 3ක් දියවැඩියාව හේතුවෙන් අන්ධභාවයට පත්ව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ජාතික අක්ෂි රෝහලේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මේ පිළිබඳව අවධාරණය කර සිටියා.