Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන කලාප කාර්යාලයක වැසිකිළියකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

3 years ago

ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ එහි කාර්යාල කාර්ය සහයකයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක් මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

44 හැවිරිදි දෙදරු පියෙකු වන මෙම පුද්ගලයා ගම්පොළ, රත්මල්කඩුව ප්‍රදේශ පදිංචි අයෙක් බවයි වාර්ත වී ඇත්තේ.

මෙම පුද්ගලයා ඊයේ (13) දින රාජකාරිය සඳහා කාර්යාලයට පැමිණ ඇති අතර පෙරවරු 10.00 පමණ සිය ඔහු කාර්යාලය තුළ දකින්නට සිටි නොමැති වීම නිසා අනෙකුත් සේවකයින් ඔහුගේ සේවකයින් ඔහුගේ දුරකථනයට ඇමතුම් ගත්තද ප්‍රතිචාර දක්වා නැහැ.

අනතුරුව එම කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඔහු සෙවීම ආරම්භ කර ඇති අතර එහිදී පස්වරු 4.00ට පමණ කාර්යාලය ඇතුළේ ඇති වැසිකිළිය පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයාගේ එහි වැටී මියගොස් ඇති ආකාරය දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර ගම්පොල හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකර සිරුර ගම්පොළ රෝහල වෙත යොමු කර තිබෙනවා.

මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) දිනයේ සිදු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.