රථවාහන වැරදිවලට අදාළ දඩ මුදල් භාරගැනීමේ රාත්‍රී සේවා සැපයීමට බස්නාහිර පළාතේ තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරා විවෘත කර තිබෙනවා
ඒ තැපැල් දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඒකාබද්ධව දියත් කර ඇති ව්‍යාපෘතියක් ලෙසයි.
එහි කොටසක් ලෙස කොළඹ (උතුර, දකුණ, මධ්‍යම), නුගේගොඩ, ගල්කිස්ස, කළුතර, සීතාවකපුර, කැලණිය, සහ ගම්පහ යන ප්‍රදේශවල මෙම සේවාව ක්‍රියාත්මක බවයි රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ.
එමෙන්ම කොම්පඤ්ඤවීදිය, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත, බොරැල්ල, කොටහේන, බත්තරමුල්ල, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කළුතර සහ සීතාවකපුර වැනි ස්ථාන ඇතුළු නිශ්චිත තැපැල් කාර්යාල කිහිපයක් ද දඩ මුදල් භාර ගැනීමට නම් කර තිබෙනවා.

