අමනාප වූ තම පෙම්වතිය කැඳවාගැනීම සඳහා ඇයගේ සොහොයුරෙකුගේ හත් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් ඇයට අතවර කරන බවට තර්ජනය කළ සැකකරුවෙකු සොයා මොරගහහේන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පෙම්වතිය පැමිණීමෙන් පසු ඔහු දැරිය ඥාති නිවසක දමා ගොස් තිබූ අතර ඇය රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
කෙසේ වෙතත් අදාළ දැරිය සොයා ගැනීමෙන් අනතුරුව ඇයව හොරණ මුලික රෝහලට ඇතුලත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම සැකකාර පෙම්වතා සහ ඔහු රැගෙන ගිය පෙම්වතිය සොයා මොරගහහේන පොලිසිය විමර්ශන සිදු කරනවා.

