කොළඹ ප්‍රසිද්ධ පාසලක සේවය කළ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි ගුරුවරයෙකුගේ මළ සිරුරක් බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.
මියගොස් ඇති ගුරුවරයා ප්‍රදේශයේ ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු බවයි වාර්තා වන්නේ.
ඔහු ඊයේ දිනයේ සිට අතුරුදන්ව සිට ඇති අතර අද උදෑසන ඔහුගේ සිරුර පානදුර මඩකිස්ස පාරේ බොල්ගොඩ ගඟේ ඉවුරේ පාවෙමින් තිබියදී සොයාගත් බව පානදුර උතුර පොලිසිය පවසනවා.
මෙම ගුරුවරයා විශාල මුදලක් පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක් වූ නීතිවිරෝධී පිරමීඩ ජාවාරමක ආයෝජනය කර ඇති බවට ද වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

