හදිසි අසනීප තත්ත්වයක් මත ජීවිතක්ෂයට පත් වූ තම පියාගේ අවසන් කටයුතු සිදුකිරීමට මරණ සහතිකය ලබා ගැනීමට ගිය පුතා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් බුලත්සිංහල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ඔහු සිය පියාගේ මරණ සහතිකය ලබා ගැනීමට යතුරු පැදියෙන් බුලත්සිංහල සිට හොරණ දෙසට ගමන් කරමින් සිටින අතරතුරදී මෙම අනතුර සිදුව තිබෙනවා.
එහිදී ඔහු ගමන් කළ යතුරුපැදිය විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 21ක තරුණයෙකි.
බුලත්සිංහල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා.

