නව සමාජ ගොඩනැගීමේ කොටසක් ලෙස අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන් කොට සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය හමුවකට සහභාගී වෙමින්.
රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසඳීමට හෝ නොසළකා හැරීමට ද නොහැකි බැවින් එම තත්ත්වයට මුහුණදීමට රට සූදානම් කළ යුතු බවත් රජය මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ එම කර්තව්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

