2023 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වන විට පැවැත්වෙයි.
ඒ, වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ය.
කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර, ඔවුහූ මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 166ක් රැස් කරගෙන සිටිති.
මේ අතර, ලකුණු 79ක් ලබා සිටි ශුබ්මන් ගිල් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.
නායක රෝහිත් ශර්මා ලකුණු 47ක් රැස් කළ අතර, විරාට් කෝලි නොදැවී ලකුණු 36ක් රැස් කරගෙන සිටී.
මේ අතර ඉන්දීය නායක රෝහිත් ශර්මා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ හයේ පහර 50ක් එල්ල කළ පළමු පිතිකරුවා බවට පත් වුණි.
මිට පෙර ක්‍රිස් ගේල් හයේ පහර 49 ක් ලබා ගෙන සිටි අතර අද ඔහුගේ වාර්තාව බිඳ දැමීමට ඉන්දීය නායක රෝහි රෝහිත් ශර්මා හැකියාව ලැබුණි.

