කහතුඩුව පොල්ගස්ඕවිට මංසන්ධියේදී බස් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවියක් ඇතුළු 6 දෙනෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණ අනාවරණය වී ඇත්තේ මත්තේගොඩ දෙස සිට පැමිණි වෑන් රථය කොළඹ දෙසට හැරවීමට සූදානම් වීමේ දී කැස්බෑව දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ගමන් ගත් පෞද්ගලික බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදු වීමත් සමඟ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එම ස්ථානයෙන් පලාගොස් කහතුඩුව පොලිසිය වෙත භාරවී තිබෙනවා.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් පුද්ගලයෙකු, බස් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක් සහ කාන්තාවන් තිදෙනෙක්.
අනතුරින් පසුව වෑන් රථයේ සිරවී සිටි පුද්ගලයෙකු ඉන් මුදාගැනීමට දැඩි පරිශ්රමයක් දැරීමට සිදුව ඇති බවද වාර්තා වෙනවා.
වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන්කළ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කහතුඩුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

