විදුලි උපකරණයකින් කොණ්ඩය සකස් කරමින් සිටි එක් දරු මවකට විදුලි සැර වැදී නාන කාමරය තුළ ඇද වැටී මිය යාමේ පුවතක් කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් වාර්තා වනවා.
එම උපකරණයෙන් විදුලිය කාන්දු වී මෙම අනතුර සිදුව ඇති බවයි පවසන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ කාන්චනා සුභාෂිණි ලොකුහේවගේ නැමැති 30 හැවිරිදි එක් දරු මවකි.
සුභාෂිණි මහත්මිය ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කළමනාකරණ සහකාර නිලධාරිනියක් ලෙස සේවය කර ඇති අතර ඇය දරුවා ලැබීමෙන් පසු සිය රැකියාවෙන් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
ඇයගේ දියණයගේ වයස අවුරුදු තුනකි.

