සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංණයේ ආසන සහිත ප්‍රදේශයක් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් නම් කිරීමට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.
චමරි බේ (Chamari Bay) ලෙසයි එය නම් කර ඇත්තේ.
ලබන 26 වනදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය සඳහා මෙම නම් කිරීම සිදුවන බවයි සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම දන්වා සිටින්නේ.
මෙවර WBBL තරග සමයේදී චමිරි අතපත්තු විසින් දක්වන ලද දක්ෂතා මෙන්ම බහු සංස්කෘතික ක්‍රිකට් ප්‍රජාව වෙනුවෙන් සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම දක්වන කැපවීම මෙම නම් කිරීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

