Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මෙම සති අන්තයේ ?

3 years ago

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල බොහෝදුරට මේ සති අන්තයේ නිකුත් කිරීමට හැකියාවක් පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විභාගයට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළව අවසන් අදියරේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා ඇත්තේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඔක්තෝම්බර් 15 වන දින පැවැත්වූ අතර සිසුන් තුන් ලක්ෂ තිස්හත්දහස් පන්සිය අනුඑකක් විභාගය සඳහා පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.