එල්.පී.එල් තරගාවලියෙන් පසු තමන්ගේ ආබාධය යම් පමණකට සුව වී තිබුණද යළි පුහුණුවීම් ඇරඹීමෙන් පසු තමන් යළි ආබාධයට ලක් වූ බව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සඳහන් කරනවා.
තමාට සිදු කළ ශල්‍යකර්මයෙන් අනතුරුව සති 12ක කාලයක් විවේක ගත යුතු බවත් මේ වන විට ශල්‍යකර්මය සිදු කර සති 05ක් ගත වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
එළැඹෙන සතියේ සිට නැවත කුඩා මට්ටමෙන් සිය පුහුණු වීම් අරම්භ කරන බව ද වනිඳු සඳහන් කර ඇත.
එමෙන්ම නියමිත සති 12 අවසාන වීමෙන් පසු එළැඹෙන ජනවාරියේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කිරීම සිය බලාපොරොත්තුව බවයි ඔහු පවසන්නේ.

