Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් බස් රථ අනතුරක්! නිවාස දෙකක තාප්ප සම්පූර්ණයෙන්ම විනාශයි!

3 years ago

දෙණියායේ සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ.

අද (17) අලුයම 3.40 ‌ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

මෙම බස් රථය විදුලි කණුවක් හා දුරකථන කණුවක් කඩාගෙන අසල නිවාස දෙකක තාප්පයකට සහ ගේට්ටුවකට මුළුමනින්ම හානි සිදුකරමින් අනතුරට ලක්වී ඇත.

මෙම අනතුරින් බස්රථයේ පාපුවරුවේ ගමන්ගත් කොන්දොස්තරවරයා බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරෙන් බස් රථයට බරපතළ හානි සිදුවී ඇත.

අධික වේගය හේතුවෙන් මෙම අනතුරට සිදු වන්නට ඇති බවට පොලීසිය සැකකරයි.