වැල්ලම්පිටිය, වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සහ ජල බේසම් සවි කර ඇති කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් අනතුරට ලක් වී මිය ගිය දැරියගේ මව ඊයේ (16) සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ තිබෙනවා.
ඇය එරට අවුරුදු 1යි මාස 2ක් පමණ කාලයක් ගෘහ සේවයේ යෙදී සිට ඇති අතර තවත් මාස 8ක් සේවයේ නිරටවීමට තිබියදී සිය දියණියගේ වියෝව හේතුවෙන් මෙලෙස හදිසියේ දිවයිනට පැමිණ තිබෙනවා.
ලංකාවට පැමිණි ඇගේ මව දැක්වූයේ මෙවන් අදහසක්, “මම රට ගියේ මගේ දරුවෝ තුන් දෙනාගේ අනාගතය හදා ගන්න. ඉන්න ගෙයක් හදා ගන්න. ඊයේ දුවගෙ උපන් දිනේ. මම කතා කරලා ඇහුවා, මොනවා ද ඕනෙ කියලා. එයා කිව්වා කේක් ඕන කියල. මම කිවා මට තව මාස 8ක් තියෙනවා එන්න. ඒ එනකොට කේක් අරං එන්නම් කියලා. ඒත් මට කේක් අරං එන්න බැරි වුණා. ඉස්කෝලෙ බිත්තිය කඩා වැටිලා, අන්තිමේදී මගේ දුව නැති වුණා. දැන් මට ඉන්නෙ මගේ පුතාලා දෙන්නා විතරයි. අනේ අපිට ගෙයක් හදා ගන්න උදව් කරන්න.”

