Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාවේ ක්‍රිකට්වල ඉරණම තීන්දුවන ICC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට දින නියම වෙයි

3 years ago

එළැඹෙන ඉරිදා (19) පැවැත්වීමට නියමිත 2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයෙන් දින දෙකකට පසු, එනම් 21 වැනිදා අයි.සී.සී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

අහමදාබාද්හී පැවැත්වීමට නියමිත රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිළිබඳවද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට්වල අනාගතය, අයිසීසී පූර්ණ සාමාජිකත්වය සහිත රටවල් ඉලක්ක කර ගත් වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත බවයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ.

එසේම, 2028 දී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු කිරීම ගැනද මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වනවා.

ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යන්නේද යන කාරණයටද එහිදී අවධානය යොමු වීමට නියමිතයි.